2020 වසරේදී COVID-19 වසංගතය මධ්‍යයේ, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රය මුහුණදුන් අභියෝග සඳහා විසඳුමක් ලෙස, ශ්‍රී ලංකාවේ ප්‍රථම peer-to-peer අධ්‍යාපන වේදිකාව වන Ranker 1.0 හඳුන්වා දෙනු ලැබිණ. එහි මූලික අරමුණ වූයේ, A/L විභාගයේ ඉහළම දක්ෂතා දැක්වූ Island Ranker විශිෂ්ටයින්ගේ විෂය දැනුම සහ මඟ පෙන්වීම, ඊළඟ ශිෂ්‍ය පරම්පරාව වෙත ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ලබාදීමයි. වෛද්‍ය, ඉංජිනේරු, සහ අධ්‍යාපන ක්ෂේත්රයන්හි ප්‍රවීණයින්ගෙන් සැදුම්ලත් උපදේශක මඩුල්ලක සහයෝගය ඇතිව, මෙම වැඩසටහන ශ්‍රී ලාංකික A/L සිසුන් 50,000කට අධික සංඛ්‍යාවක් විසින් වැළඳගන්නා ලදී.
Ranker.lk හි සංකල්පීය නිර්මාතෘ වන්නේ Aspirations I-Lab ආයතනයයි. අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර ඉලක්ක කරගත්, සම්මානලාභී AI සහ Immersive Tech සමාගමක් වන Aspirations I-Lab, එහි මව් සමාගම වන Aspirations Education වෙතින් බලගැන්වේ. Aspirations Education, වසර 20කට අධික ඉතිහාසයක් පුරා, ගෝලීය විශ්වවිද්‍යාල 200කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින්, ශ්‍රී ලාංකේය අධ්‍යාපන උපදේශන ක්ෂේත්රයේ ප්‍රමුඛයා ලෙස කටයුතු කරයි.
Ranker.lk හි පළමු අදියරේ වසර 5ක අත්දැකීම්, ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ අවශ්‍යතා පිළිබඳව අපට ගැඹුරු අවබෝධයක් ලබා දුනි. එක් එක් සිසුවාටම අනන්‍ය වූ ඉගෙනුම් අවශ්‍යතා සපුරාලීමේ වැදගත්කම, එමඟින් අපි වටහාගත්තෙමු.
එබැවින්, Ranker හි මෙම නව පරිච්ඡේදය, හුදෙක් තාක්ෂණික වැඩිදියුණු කිරීමක් නොවේ. එය, Aspirations හි වසර 20කට අධික අධ්‍යාපනික ප්‍රවීණත්වය, වසර 12ක ඩිජිටල් තාක්ෂණික පරිචය, සහ ලෝක මට්ටමේ AI තාක්ෂණය සංකලනය කර, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයට, අපගේ දායකත්වය නව තාක්ෂණික යුගයකට රැගෙන ඒමකි.
2025 © Ranker.lk All Rights Reserved