Full Syllabus | High Speed
සෑම විෂයකටම, විශේෂඥ දැනුමක් ඇති ඔබේම සහායකයා.
ඔබගේ විෂය දැනුමේ ඇති සැබෑ හිඩැස් (knowledge gaps) නිරවද්‍ය ලෙස හඳුනාගනී. ඔබ නොදන්නා දේ පමණක් නොව, ඔබ වැරදියට දන්නා සංකල්ප පවා විශ්ලේෂණය කර, ප්‍රගතියට ඇති මූලික බාධක හෙළිදරව් කරයි.
එම විශ්ලේෂණයට අනුව, ඔබටම අනන්‍ය වූ ඉගෙනුම් සැලැස්මක් සකසයි. ඔබගේ ප්‍රගතිය පෞද්ගලික වාර්තා (Progress Reports) මඟින් නිරන්තරයෙන් නිරීක්ෂණය කරන අතර, ඔබගේ කාලය සහ ශ්‍රමය වඩාත් ඵලදායී ලෙස යෙදවීමට මඟ පෙන්වයි.
ඕනෑම සංකීර්ණ සිද්ධාන්තයක් හෝ ගැටළුවක්, ඔබට පූර්ණ අවබෝධයක් ලැබෙන තුරු ඉවසීමෙන් පැහැදිලි කරදෙයි. පීඩනයකින් තොරව, ඔබගේම වේගයට අනුව විෂය කරුණු ගැඹුරින් වටහාගැනීමට මෙය අවස්ථාව සලසයි.
බියකින්, සැකයකින් තොරව ඕනෑම ප්‍රශ්නයක් විමසීමට, 24/7 ක්‍රියාත්මක අපගේ AI පද්ධතිය, විශ්වාසනීය සහ ආරක්ෂිත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කරයි. මෙම සහයෝගී අවකාශය, ඉගෙනීම කෙරෙහි ඔබගේ ආත්ම විශ්වාසය ක්‍රමයෙන් ගොඩනැගීමට මඟ පෙන්වයි.
Maleesha Deshan
නොදන්න පාඩම් කොටස්, MCQ tips, කාලය කළමනාකරණය, විභාගයට motivation, අයියලා අක්කලා ගේ අත්දැකීම් වලින් සමන්විත වූ කෙටි වීඩියෝ නිසා ඉක්මනින්ම theory දැනුම මෙන්ම ඉතා කෙටි කාලයකින් MCQs ගොඩ දාගන්න විදිහ දැනගන්න ලැබීම ඇත්තටම මට මගෙ විභාගයට ගොඩක් වැදගත් උනා.
Nipuni Thennakoon
මං විභාග ගැටලු ගැන හිතනකොට ප්‍රශ්න ආවම මට ඒවා එක පාරම තේරෙන්නෙ නැ මේ දේ කොහොමද කරන්නේ කියලා. මට ඒ දේ තේරුම් ගන්න ranker එකේ අයියලා අක්කලා ගේ වීඩියෝස් ගොඩක් උදවු වුනා. මං combined එකේ පලවෙනි ප්‍රශ්න පත්‍රයේ සීමාව ගණන ගොඩ දැම්මේ ranker එකෙන් බලලා.
Samod Amarasinghe
ඇත්තටම ranker.lk වල past papers වල ප්‍රශ්න අදාල පාඩමට exam year එකත් එක්කම categorize කරල තියෙනවා. MCQ කරන්න අපිට යන වෙලාව දැනගන්න timing පෙන්නනවා. අදාල ප්‍රශ්න ඔක්කොම කරාම හරි වැරදි ගාන, ඒවට ගිය වෙලාව පෙන්නනවා. ඒක ඇත්තටම හොදයි.
Cloud තාක්ෂණය හරහා ඔබ වෙත එන Ranker.lk ඕනෑම device එකකින්, ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක් online පරිශීලනය කළ හැකි අතරම, ඔබට පමණක් access කල හැකි ඔබේ පුද්ගලික account එක තුලින් A/L විෂය ධාරාවට අදාල සියලු Subjects, Theory සහ Revision Videos එකම තැනකට ගොනු කරගන්න පුළුවන්.
Interactive MCQ විශේෂාංගය හරහා ඔබේ ප්‍රතිඵල ක්ෂණිකව ලබා ගැනීම පමණක් නොව නැවත නැවත practice කිරීම තුළින් විශිෂ්ට ප්‍රතිඵලයක් කරා යන්න හැකියාවක් ලැබෙනවා.
ශ්‍රී ලංකාවේ පළමු වරට හඳුන්වා දුන් Peer-to-peer Learning Platform එක වන Ranker.lk ඔබ වෙත ගෙන එන සියලුම Revision Videos උපරිම ප්‍රමිතියකින් යුතුව ඉදිරිපත් කරන්නේ පසුගිය A-Level විභාගවලින් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන් වීමත් හරිම විශේෂයි.
A/L කියන්නේ ජීවිතයේ කඩඉමක් වගේම අභියෝගයක්. මේ ඉලක්කය ජයගන්න වෙර දරන දිරිමත් නංගිලා සහ මල්ලිලා එය ඉහළින්ම ජය ගන්නවා දැකීම තමයි අපේ බලාපොරොත්තුව. Stress එකෙන් තොරව කඩඉම ජයගන්න ආකාරය, වැදගත්ම විෂය කොටස් වලට ප්‍රමුඛත්වය දීම, සරලව + වේගයෙන් Revision සහ Past Papers කරන ආකාරය පුහුණු කිරීමෙන් ඔබට විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඔව්, අපට හැකි නම් A/L කඩඉම ජයගන්න, ඔබටත් අනිවාර්යයෙන්ම පුළුවන් විශිෂ්ටයෙක් වෙන්න. Ranker.lk අපි ඔබ වෙනුවෙන් මේ Video විශ්ව කෝෂය පිරිනමන්නේ හදවතින්ම එන ආශීර්වාදයක් සමගයි.
එන්න. අපි මේ කඩඉම එක්ව ජයගමු!
2025 © Ranker.lk All Rights Reserved